ඇමෙරිකාව හරහා හමා යන ලෝරා සුළි කුණාටුව හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ලෝරා සුළිකුණාටුව යළි විනාශකාරී මට්ටමේ දරුණු එකක් විය හැකි බවටයි එරට කාලගුණික අංශ අනතුරු අඟවන්නේ. මේ වන විට ටෙක්සාස් සහ ලුසියානා ප්‍රාන්තයේ පදිංචි කරුවන් ලක්ෂ 5 ක් පමණ පුද්ගල දුරස්ථ භාවය රඳවා ගනිමින් බස් රථවලින් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත්වල නිවාස රැසක් විනාශ වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
The post ලෝරා 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි appeared first on ITN News.
Post a Comment