ස්පාඤ්ඤයේ කෝවිඩ් වෛරස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වනවා.
ඊයේ දිනය තුලදී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරින් නව කෝවිඩ් ආසාදිතයින් 3594ක් සොයාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤයේ පාසල් විවෘත කිරීමට නියමිතව තිබූ අතර එය නැවත වරක් කල් දැමීමට මැඩ්රිඩ් බලධාරින් කටයුතු කළා. ස්පාඤ්ඤයේ සමහර ප්‍රදේශවලින් දිනකට කෝවිඩ් රෝගීන් 700 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වනවා. එය මේ වනවිට ගණනය කර ඇති ආකාරයට හත් ගුණයක වැඩිවීමක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
The post ස්පාඤ්ඤයේ කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment