ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරය තුළ නැවත වරක් ලැව්ගිනි හටගෙන තිබෙනවා.
මේ වනවිට ඇමර්සන් වනාන්තරය තුළ ලැව්ගිනි එකදහස් හයසිය අසූහතරක් පමණ ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නව ලැව්ගින හටගෙන ඇත්තේ ඇමර්සන් වනාන්තරයේ පැරගුවේ හා බ්‍රසීල සීමා ප්‍රදේශවලයි.
කෙසේ වුවද බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ පවසන්නේ ඇමර්සන් වනාන්තරය තුළ කිසිදු ලැව්ගින්නක් හටගෙන නොමැති බවයි.
මෙම සියලු කාරණා මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාර බවටයි ඔහු සදහන් කරන්නේ.
කෙසේ වුවද පසුගිය වසරක කාලය තුළ ඇමර්සන් වනාන්තරයේ සියයට 34 දශම පහක වන විනාශයක් සිදුව ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
The post ‘ඇමර්සන්’ ලොව විශාලතම වැසි වනාන්තරයේ යළිත් ලැව්ගිනි appeared first on ITN News.
Post a Comment