රජයේ වගා සංග්‍රාමයට සහාය ලබා දෙමින් ජලාශවල ජලජ ශාඛ ඉවත් කිරීමේ වැඩපිළිවෙලකට තරුණ පිරිස් එක්ව සිටිනවා.
කෘෂි ආර්ථිකයක් ගොඩ නැගීමට රජය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.
වගා සංග්‍රාමය යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම ද මීට ඇතුළත්. එසේ වගා කෙරෙන කුඹුරු ඉඩම් සදහා ප්‍රමාණවත් පරිදී ජලය ලබා ගැනීමට ගැටලුවක්ව පවතින ජලාශවල ජලජ ශාඛ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණ පිරිසකගේ දායකත්වයෙන් මේ දිනවල ක්‍රියාත්මකයි.
ඒ යටතේ හලාවත මාදම්පේ තිරිපිටවැවේ ජලජ ශාඛ ඉවත් කෙරුණේ එම ගම්මානයේ ජනතාවගේ ද සහාය ලබා ගනිමින්.
මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර 600ක වගා කටයුතු යල මහ දෙකන්නයේ සිදු කිරීමට ප්‍රමාණවත් ජලය රදවා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවයි මීට එක්වූ තරුණ පිරිස සදහන් කළේ.
The post තරුණයින්ගෙන් ජලාශවල ජලජ ශාඛ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment