අධිකරණය හා යුක්තිය පසිදලීම පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන්හි තම ආයතනයන් විසින් දක්වන ලද දායකත්වය පිළිබඳව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා සමඟ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මෙරට නේවාසික සම්බන්ධිකාරක Hanaa Singer, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නියෝජිත Robert Juhkam, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි මෙරට නියෝජිත Tim Sutton, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයෙහි මෙරට ප්‍රධානී Troels Vester ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට කණ්ඩායම් නායිකා චන්ද්‍රිකා කරුණාරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්ම මහත්මීන් සහභාගී විය.
The post එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසක් අධිකරණ ඇමැති හමුවෙයි appeared first on ITN News.
Post a Comment