වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළා.
පසුගිය මැතිවරණ විජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ” යැයි පවසා නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ විමසා සිටියාය.
පශ්චාත් COVID-19 සමයට ලෝකය සූදානම් වන බැවින් ආර්ථික සංවර්ධනයට වර්තමානයේ රටේ ප්‍රධාන අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ දරිද්‍රතාවය තුරන් කිරීමට එහිදී ප්‍රමුඛතාව හිමි වන බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
ඉදිරි වසර 5ක කාලය තුළදී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම සඳහා ලබා දිය හැකි සහයෝගීතාවය සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.
COVID-19 තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ එක්සත් රාජධානි දූත පිරිස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙරට අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යාමට හැකි බව සඳහන් කළහ.
වැඩබලන මහ කොමසාරිස් වැන්ස්ටෝල් පැවසුවේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ද ශ්‍රී ලංකාය හා එක්සත් රාජධානිය අතර වෙළඳාම තවදුරටත් වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති බවයි.
වරාය නගරයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ දෙරටේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගරය උපාය මාර්ගික මර්මස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බව සඳහන් කළහ. හරිත මූල්‍ය, ජෛව විවිධත්වය, ග්‍රාමීය ආර්ථිකය සහ තිරසාර කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
The post නව රජය යටතේ ශ්‍රී ලංකාව සමඟ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳ එක්සත් රාජධානියේ අවධානය appeared first on ITN News.
Post a Comment