Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා – අධ්‍යාපන ඇමති  

Add comments

මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශයමඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ශ්‍රී ලංකාව තුළ විසිරී තිබෙන 800කට අධික පිරිවෙන් සහ 11 000කට අධික දහම්පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති හමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට පාසල්පද්ධතියට ලබා දෙන ප්‍රමුඛතාවෙන් සුළු ප්‍රමාණයක්වත් දැනට පිරිවෙන් සහ දහම්පාසල්සඳහා ලැබෙන්නේ නැහැ. ඒ නිසා වහා ම ඒ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කළ යුතු යි.විශේෂයෙන් ම ඒවාට ලැබෙන පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි යි.

සමහර දහම්පාසල්වල දරුවන් ඉගෙන ගන්නේ පුටුවක්වත් නොමැති ව යි. ඇතැම් පිරිවෙන් සහ විද්‍යායතනවලට, ඇතැම් පාසල්වලට පවා නොමැති පහසුකම්ල ලැබෙද්දී තවත් දහම්පාසලකට ඉඳගන්නට පුටුවක්පවා නොලැබීම කණගාටුවට කරුණක්. ඒ නිසා සම්පත් සම ව බෙදී යන ලෙස අවශ්‍ය වෙනස්කම්සිදු කිරීමටත්, පහසුකම් සංවර්ධනයටත් කටයුතු කළ යුතු යි. එමෙන් ම ඒ සඳහා ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ නිසි ඇගැයීමක් සහ දිරිගැන්වීමක් මෙන් ම නියාමනයක් ද අවශ්‍ය යි.

සංඝරත්නයටඅවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳව ද අපගේ විශේෂ අවධානය යොමු විය යුතු යි. පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනය පිළිබඳ පසුගිය රජය විසින් නිසි සොයා බැලීමක් සිදු නොකිරීමමීට ප්‍රධාන හේතුව යි. අපි වහා ම ඒ අඩු පාඩුව නිවැරදි කළ යුතු යි. සියල්ලන්ට සම සමව පහසුකම් ලබා දී ඒවායේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු සැලසියයුතු යැයි ද “පැවසීය.

බෞද්ධ අධ්‍යාපනයසඳහා වෙනත් රටවල ශිෂ්‍යත්ව පිරි නැමීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වපිරි නැමීම ආදිය පිළිබඳ සොයා බැලිය යුතු බවත්, විදේශයන්හි අධ්‍යාපනය ලබන, එම රටවලපදිංචි වී සිටින ස්වාමීන්වහන්සේලාගේ සහයෝගය මේ සඳහා ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

 

The post පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා – අධ්‍යාපන ඇමති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG