ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑපන්දහස ඉක්මවා තිබෙනවා. දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි ඊයේ (26) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වුණේ.
ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 75,995 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මරණ එක්දහස්දාහතක් ඊයේ වාර්තා වුණා. කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් දැඩි මූල්‍ය අර්බුදයන්ට මුහුණ දී සිටින බව සදහන්.
මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා වෛරස් පර්යේෂණ කට්ටලය අත්හදා බැලීම සිදු කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා.
රුධිර සාම්පලයක් ලබා ගැනීම මගින් කොරෝනා ආසාදනය වී ඇද්දැයි මෙම පරීක්ෂණ කට්ලය හරහා සොයා ගත හැකි බවයි ඉන්දීය වෛද්‍යවරුන් සදහන් කරන්නේ.
The post ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑපන්දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment