කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මත්කුඩු සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගැනුනා.
හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම් 132 ක් සැකකරු සන්තකයේ තිබූ බවයි පොලිසිය සදහන් කළේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු වන 49 හැවිරිදි මෙම සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
The post බන්ධනාගාර නියාමකවරයෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment