ඉටුකම කොවිඩ් නයින්ටීන් අරමුදලට ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරුණා.
දළ වශයෙන් රුපියල් මිලියන අනූදෙකයි දශම පහක වටිනාකමකින් යුත් මෙම මුදලට අදාළ චෙක් පත ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිගුමාල් තෙවරතන්ත්‍රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුවා. කොරෝනා වෛරසය පාලනය හා මර්ධනය, රෝග පැතිරයාම වැළැක්වීම, පෙර සූදානම, රෝගීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම ආදිය වෙනුවෙන් මෙම අරමුදලට ලැබෙන පරිත්‍යාග යොදා ගැනෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ශ්‍රි ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ සන්නාම සහ අලෙවි ප්‍රධානී අනුක් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ඉටුකම කොවිඩ් අරමුදලට ඩොලර් ලක්ෂ පහක මුදල් පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment