ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා කාලය තුළදී බස්නාහිර පළාතේ කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් සැකකරුවන් 35 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඉංගිරිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක රැදවුම් නියෝග ලබා ගැනීමටයි ඉංගිරිය පොලීසිය ක්‍රියා කළේ.
බස්නාහිර පළාත දකුණ දිශා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව පිළියන්දල සදකිරණ මාවතේ දී කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 320 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගැණුනා.
වැලිකඩ පොලීසියේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 3 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවක්.
ගල්කිස්ස ප්‍රදේශයේදී ද මත්කුඩු ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
The post ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් 293දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment