මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තබා බැතිමතුන් පනස් එක් දෙනෙකු ඝාතනය කළ සිද්ධියේ වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට නවසීලන්ත අධිකරණය නියෝග කර තිබෙනවා.
සිද්ධියෙන් තවත් හතළිස් දෙනෙකු ද තුවාල ලැබුවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය වසරේ මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේදීයි. ඕස්ට්‍රේලියා ජාතික හතළිස් හැවිරිදි බ්‍රෙටන් ටැරන්ටි නමැති සැකකරු සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී තිබෙනවා. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රහාරය ඉතා අමානුෂික බවයි. එම අපරාධයට සිරමැදිරියක් තුළ මියයනතුරු රඳවා සිටීමද ප්‍රමාණවත් දඬුවමක් නොවනු ඇති බව විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
The post ක්‍රයිස්ට්චර්ච් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් appeared first on ITN News.
Post a Comment