පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ මන්ත්‍රීවරුන්ට කිසිම ආකාරයක බලපෑමක් සිදු කිරීමට ඉඩ නොදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28)පාර්ලිමේන්තුවේ පැවසීය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව බන්ධනාගාර අධිකාරීවරයාට මේ වන විටත් දන්වා යවා ඇති බවත් වහාම ඒ මහතා පාර්ලිමේන්තුවට කැඳවීමේ තීන්දුව ලබා දිය යුතු බවත් එසේ නොකළොත් එය ඒ මහතාට ඡන්දය ලබා දුන් ජනතාවට කෙරෙන අසාධාරණයක් බවත් කතානායකවරයා පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත් මහතා අසන ලද ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය.
The post පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ මන්ත්‍රීවරුන්ට කිසිම ආකාරයක බලපෑමක් සිදු කිරීමට ඉඩක් නෑ appeared first on ITN News.
Post a Comment