නිසි එන්නතක් සොයාගත්ත ද ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ඒකකයේ ප්‍රධානී මයික් රයන් පවසන්නේ ජාත්‍යන්තර වශයෙන් කොරෝනා වසංගත තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවයි. පසුගිය වසරේ චීනයෙන් කොරෝනා වසංගතය පිළිබද තොරතුරු අනාවරණය වීමත් සමග මේ දක්වා පුද්ගලයින් මිලියනයක් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එන්නතක් සොයා ගන්නා අවස්ථාව වන විට මිට ගිය සංඛ්‍යාව මිලියන දෙකක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
ආසාදිතයින් සංඛ්‍යාව මිලියන තිස්දෙක ඉක්මවා ඇති බවයි සදහන් වන්නේ. වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ඇමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලයටයි. සමස්ත ආසාදිතයින්ගෙන් මිලියන 15 ක් පමණ එම රටවලින් වාර්තාවීම විශේෂත්වයක්.
The post එන්නතක් සොයාගත්ත ද කොරෝනා මරණ මිලියන 02 ඉක්ම විය හැකියි – WHO appeared first on ITN News.
Post a Comment