පසුගිය ජුලි මාසයේ සිට මේ දක්වා දකුණු සුඩානයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 06 ක් පමණ අවතැන් වී සිටිනවා.
ජගත් සංවිධාන අනතුරු අගවන්නේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නයිල් නදිය පිටාර මට්ටමට පැමිණ ඇති බවයි. ගංවතුරත් සමග දකුණු සුඩානයේ ජනතාව ආහාර අර්බුදයකට ද මුහුණ දී සිටිනවා.
වසර 05 ක පමණ කාලයක සිට එරට පවතින සිවිල් යුද ගැටුම් හේතුවෙන් ජනතාව දරිද්‍රතාවයේ අනත්යටම ගොස් ඇති බවයි ජගත් සංවිධානයේ මානුෂීය මෙහෙයුම් කාර්යාලය ප්‍රකාශ කළේ.
ගංවතුරෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ජගත් සංවිධානය ඩොලර් මිලියන 10ක ආධාර ද ලබාදී තිබෙනවා.
The post ජුලි මාසයේ සිට දකුණු සුඩානයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් ලක්ෂ 06ක් අවතැන් appeared first on ITN News.
Post a Comment