කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් යළි මෙගාවොට් එකසිය හැටපහක් ජාතික විදුලිබල පද්ධතියට නුදුරේදීම එක් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එම බලාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කැලණිතිස්ස විදුලිබලාගාරයේ වර්තමාන තත්ත්වය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. පසුගිය වසරේ සිට අක්‍රීයව පවතින මෙම බලාගාරයේ විදුලිජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීය කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට හැත්තෑව දක්වා වර්ධනයකර නිසි ඉලක්කය කරා ගමන් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළා.
The post කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 165ක් ජාතික විදුලිබල පද්ධතියට appeared first on ITN News.
Post a Comment