LTTE සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් තිලීපන්ගේ හා ත්‍රස්ත නායකයන් වෙනුවෙන් සැරුම් උත්සව පැවැත්වීම ලබන 28 වනදා දක්වා වළක්වාලමින් අධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට තහනම් නියෝගයක් නිකුත් කළා.
තිලීපන්‌ගේ 33 වන සැමරුම සිදු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඊයේ පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනයේ ඇප මත නිදහස් කෙරුණා.
ත්‍රස්තවාදී නායකයන්ගේ සැමරුම් තහනම් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස් ශ්‍රීධරන් මහතාට නියෝගය නිකුත් කළේ කිලිනොච්චිය අධිකරණය මගිනුයි. මෙම තීන්දුවේ පිටපතක් කිලිනොච්චිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ශ්‍රීධරන් මහතාට ලබා දුන්නා.
උරුම්පිරායි ප්‍රදේශයේදී තිලීපන්ගේ රුව ඇතුළත් බැනරයක් ඉදිරිපිට පහන් දැල්වීම සදහා සිවාජිලිංගම් මහතා ඊයේ ක්‍රියා කළා. එම ස්ථානයට ගිය කෝපායි පොලීසියේ නිලධාරීන් සිවාජිලිංගම් මහතා පොලිස් භාරයට ගත්තා. ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිව යාපනයේදී මරාන්තික උපවාසයක නිරත වූ අවස්ථාවේදීයි තිලීපන් මිය ගියේ. මෙවැනි මියගිය ත්‍රස්තවාදීන් සැමරීම සදහා පසුගිය කාලයේ ඒල්ටීටීඊ හිතවාදීන් නිදහසේ කටයුතු කළා. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වන වර්ථමානයේ ඒවැනි නීති විරෝධී ක්‍රියා සදහා කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැහැ.
The post පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට තහනම් නියෝගයක් appeared first on ITN News.
Post a Comment