දකුණු පළාත් සුරාබදු මෙහෙයුම් විශේෂ ඒකකය කළ වැටලීමකදී ගංජා සමඟ සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල වංචාවල පෝද්දල ඇතුළු ප්‍රදේශ කිහිපයකදීයී මොවුන් අත්අඩංගුවට ගැනුනේ.
මේ අතර කේරල ගංජා කිලෝ 11ක් සමග සැකකරුවකු කිලිනොච්චිය භාරතී පුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් තිස්සමහාරාම බෙරලිහෙල හා මඩු පන්ඩිවෙට්ටුවාන් ප්‍රදේශවලදී සොයා ගෙන තිබෙනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ ගිනි අවිය ලග තබා ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනුණා.
The post ගංජා සමඟ සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment