බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සහභාගී වූ පොලිස් නිලධාරීන්ට පහර දුන් කාන්තාවක ඇතුළු 05 දෙනෙකු බංලගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් 05 දෙනා අද (17) අලුයම අත්අඩංගුවට ගැනුණේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ සැගව සිටියදීයී. කල්තොට තංජන්තැන්න ප්‍රදේශයේ මෙම සැකකරුවන් සැගව සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව එම ස්ථානයට පොලීසිය පැමිනි අවස්ථාවේදී ද එම සැකකරුවන් පලා යාමට උත්සාහ දරුවද වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අටළුගමදී පොලීසියට පහර දුන් පහක් බලංගොඩදී පොලිස් දැලේ appeared first on ITN News.
Post a Comment