ගතවූ පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම සියලු දෙනාම විදේශගතව සිට පැමිණි පුද්ලගයින් වීම විශේෂත්වයක්.
විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ යන බැවින් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කිරීමට වැදගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
ඊයේ දිනය තුල හඳුනාගත් රෝගීන් 39 දෙනොද සමඟින් මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,234 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් 2,996 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 226 ක් . සැක සහිත රෝගීන් 49 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,234ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment