පවත්නා වියළ කාලගුණය හා අධික සුළං හේතුවෙන් ඔරෙගන් ප්‍රදේශයේ ලැව් ගිනි පැතිරයාම උග්‍ර අතට හැරී ඇති බව ඇමෙරිකා ජාතික කාලගුණ සේවය නිවේදනය කරනවා.
ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා. සුලගේ වේගය පැයට කිලෝමීටර් 64 ඉක්මවා තිබීම ගින්න ඉක්මනින් පැතිර යාමට හේතු වී තිබෙනවා. ඔරිගන් කැලිෆෝනියා හා වොෂින්ටන් යන ප්‍රාන්තයන්හි වැසියන් සති තුනක කාලයක් තිස්සේ ලැවි ගිනිවලින් පීඩාවට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ. මේ වන විට ලැව්ගිනිවලින් වනාන්තර අක්කර මිලියන ගණනක් විනාශ වී ඇති අතර නිවාස ද දහස් ගණනක් ගින්නට හසුවී විනාශ වී තිබෙනවා.
The post ඔරෙගන් ප්‍රදේශයේ ලැව් ගිනි පැතිරයාම උග්‍ර අතට appeared first on ITN News.
Post a Comment