Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්නාසි වත්තේ අමිලගේ සහායකයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට  

Add comments

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන අන්නාසි වත්තේ අමිල යන අයගේ සහායකයෙකු  මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ සම්පත් මාවත පානලුව ප්‍රදේශයේදීයී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුකට අනුව වැටලීම සිදු කළා. සැකකරු සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය  ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 05 ක්. සැකකරු පානලුව වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පවසන්නේ අන්නාසිවත්තේ අමිලට අයත් මෙම මත්ද්‍රව්‍ය පුංචි බොරැල්ලේ ස්ථානයකින් රැගෙන එන බවයි. සැකකරු අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගොඩ පොලීසිය මේ පිළිබඳ පරික්ෂණ සිදු කරනවා.

 

The post අන්නාසි වත්තේ අමිලගේ සහායකයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG