නේපාලයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් දොලොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාය යාමෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීන් සඳහන් කරනවා. චීන දේශසීමාව අසල පිහිටි ගම්මාන දෙකකුයි මෙලෙස නාය යෑමට ලක්ව ඇත්තේ. පසුගිය ජුනි මස සිට නේපාලයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ දක්වා මිය ගිය ගණන 314 ක් බව ඒරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. තවත් පුද්ගලයින් 111 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 160 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
The post නේපාලයේ නායයෑමක් හේතුවෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment