ප්‍රමිතීන් උල්ලංඝනය කර ඉදිකර තිබූ ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් මාස ඒකහමාරක් වයසැති බිළිඳකු ඇතුළු ජීවිත තුනක් අද රටට අහිමි වුණා. ඒකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මෙම ඛේදනීය පුවත අද වාර්තාවුණේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයෙන්. පසුගිය 2017 වර්ෂයේ ද කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ ආකාරයෙන්ම ගොඩනැගිල්ලක් කඩා වැටුණේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් නිසාවෙන්.
මේ අතර මෙම ගොඩනැගිල්ල හිටපු බස්නායක නිලමේවරයෙකුට අයත් බවයි පොලිසිය පවසන්නේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කොට තිබෙනවා.
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්වූයේ අද අලුයම කාලයේයි. එම ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ලම අසළ තිබූ හොටලයක් මතට කඩා වැටී තිබෙනවා. අධික බෑවුම් සහිත ස්ථානයකයි මෙම පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ අදාළ ප්‍රමිතියෙන් තොර කොන්ක්‍රීට් කණු යොදාගනිමින් බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒවැනි ඉදිකිරීමට අනුමැතිය ලබාදුන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.ගොඩනැගිල්ල කඩා වැටීමෙන් හෝටලය සහිත ගොඩනැගිල්ලේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙන්ම බිළිදා සහ ඔහුගේ දෙමව්පියන් ද සුන්බුන් අතර සිරවී සිටියා.
ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ කෙරුනේ පොලිසියේ මහනුවර නගර සභාවේ මැදිහත් වීමෙන්. යුද හමුදාව , ගුවන් හමුදාවේ භටපිරිසක් මේ සදහා ඒක්ව සිටියා. ඒ අනුවයි සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැනීමට හැකිවුණේ.
සුන්බුන් අතර සිරවී සිටි අඹුසැමි යුවළ සහ බිළිදා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමඟ ඔවුන්ගේ සිරුරුද සොයා ගැනීමට හැකිවුණා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ 35 හැවිරිදි චමිල ප්‍රසාද් , ඔහුගේ බිරිද 32 හැවිරිදි අචලා ඒකනායක සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති බිළිදායි. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් හානිවූ හෝටලය පවත්වාගෙන ගොස් ඇත්තේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද් මහතායි. ජීවිතක්ෂයට පත්වූ චමිලා ඒකනායක වෘත්තියෙන් නීතීඥවරියක වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්.
ගිලාබැසීමට ලක්වූ පස්මහල් ගොඩනැගිල්ලේ සිටි හිමිකරු සහ පවුලේ සාමාජිකයින් මෙම ගොඩනැගිල්ලේම පදිංචිව සිට ඇති අතර මේ පිළිබඳ කිසිවෙකුටත් අනතුරු ඇගවීමක් සිදු නොකර අද අළුයම තුනට පමණ පිටව ගොස් ඇති බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.
මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය සදහන් කරන්නේ මෙම පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර වූවක් බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසනවා.
The post මහනුවර ඛේදවාචකයෙන් එකම පවුලේ 3 ක් මරුට – ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි – අයිතිකරුගෙන් ප්‍රශ්න කෙරේ appeared first on ITN News.
Post a Comment