Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අපේ රටේ ආර්ථිකයේ කොදු නාරටිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයේ දී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළකලා.

කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොවිඩ් නයින්ටීන් බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා වන ව්‍යවසාය යෝජනාවලිය අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී භාර දුන්නා. කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම්බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යන කරුණු මෙම යෝජනාවලියට ඇතුළත්. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කෙටි කාලය තුළ ණය සදහා සහනදායී පොලී අනුපාත හදුන්වාදෙමින් කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීමට පියවර ගත්බවයි.

චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍යවරුන් සහ ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් ද මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියා.

 

 

The post කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG