වව්නියාව, නුවර, ඒ නවය මාර්ගයේ රථවාහන හතරක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
වව්නියාව නුවර, ඒ නවය මාර්ගයේ බූ ඔය පාලම අසලදී ලොරි රථ දෙකක් කැබ්රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. වව්නියාව දෙසට ගමන් ගන්නා වාහන බූ ඔය පාලම අසල මාර්ග බාධකයේ දී පරීක්ෂා කිරීම සදහා නතර කෙරෙනවා. ඒ අනුව පරීක්ෂා කිරීම සදහා එම ස්ථානයේ නතර කර තිබූ වාහන තුනක පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටී තිබෙනවා. ලොරි රථයේ රියදුරු මැදවච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
The post වව්නියාව, ඉරට්ට පෙරියකුලම්හිදී රථවාහන 4 ක් එකිනෙක ගැටෙයි appeared first on ITN News.
Post a Comment