Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් ලක්‍ෂ 48ක ග්ලයිෆොසෙට් සමඟ තරුණයෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්‍ෂ 48 ක වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් තොගයක් සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සගවා තිබියදී ග්ලයිෆොසෙට් ලීටර දෙදහස් දෙසීයක් පමණ මෙසේ සොයා ගැනුණා. ඒවායෙහි අසුරණ සදහා වෙනත් නම් භාවිත කර තිබෙනවා.

වැටලීමේදී වයස අවුරුදු 28 ක තරුණයෙකු අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් හා සූරියවැව වලසපුගල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමට එක්ව සිටියා.

 

 

 

The post රුපියල් ලක්‍ෂ 48ක ග්ලයිෆොසෙට් සමඟ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG