කල්පිටිය විජය නාවික කදවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බත්තලංගුන්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 31 යි ග්‍රෑම් 500 ක් සොයා ගත්තා.
එම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්න බවයි වැටලීම සිදුකළ නිලධාරීන් ප්‍රකාශ කළේ. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙම ගංජා තොගය රැගෙනවිත් සගවා තබන්නට ඇතිබව පොලීසිය පවසනවා. ****වනාතවිල්ලුව ප්‍රියංකර
මේ අතර වැලිගම හා මාතර නගරවල උපකාරක පංතිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ජාවාරමක තොරතුරු මේ වන විට හෙළි වී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් හය දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගැණුනේ අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
The post ලක්ෂ පනහකට ආසන්න කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment