Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඛෝපභෝගි මොටර් රථ හයකින් මත්කුඩු බෙදු සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

සුඛෝපභෝගි මොටර් රථ හයක් උපයෝගී කරගනිමින් මත්කුඩු බෙදාහැරීමේ නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ නොවිසදුන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකසිය හැටපහක් සොයා ගැනීමෙන් පසුවයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුනේ. සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් පහලොවක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.

මේ අතර මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වී තම වාහනය භාවිත කරමින් මත්කුඩු අලෙවිකළ තවත් සැකකරුවෙකු ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

හොරොයින් ග්‍රෑම් පහලොවක් සොයා ගැනීමටද පොලීසය සමත් වුණා. සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

The post සුඛෝපභෝගි මොටර් රථ හයකින් මත්කුඩු බෙදු සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG