නව්‍ය කොරෝනා වෛරසය උත්සන්නව පැවති සමයේ ජාතික තරුණ සේවා සභාවට අයත් එරමිණියාය තරුණ පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ගොවිපොළේ සිදු කළ වී වගාවේ අස්වනු නෙළීම අද (19) සිදුකෙරුණා.
දේශීය වී වර්ගයක් වන දික් වී මෙහි වගා කෙරුණේ තරුණ මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභීන්ගේ සහාය ඇතිවයි. අක්කර 84 ක් පුරා විහිදී ඇති මෙම ගොවිපොළ දීර්ඝ කාලයක් වගා නොකිරීම හේතුවෙන් වල් බිහි වී පැවතුණා. කොරෝනා සමයේ රට පුරා සිදු කළ වගා සංග්‍රාමයත් සමග මෙහි වගා කටයුතු ආරම්භ කෙරුණා.
වී අස්වනු නෙළීමේ කටයුතු අද සිදුකෙරුණේ සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින්.
අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණා.
අස්වනු නෙළීමත් සමග මීළග වාරය සදහා සකස් කළ බිම්වල කුරහන් වගා කිරීමේ කටයුතු ද ආරම්භ කිරීම විශේෂත්වයක්.
The post කෘෂිකර්මාන්තය හරහා තරුණයා ව්‍යවසායකයෙක් බවට පත්කරන්නත් සැලසුම් appeared first on ITN News.
Post a Comment