Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුස්ලිම් අන්තවාදී සංවිධාන 6 ක්; තහනම් කළේ 3ක් පමණයි – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී  

Add comments

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ සංවිධාන 6 ක් පිළිබද තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය හා යුද හමුදා බුද්ධි අංශය අනාවරණය කර ගත්ත ද මෙරට තුළ තහනම් කෙරුණේ රාජ්‍ය බුද්ධි අංශය තොරතුරු ලබා දුන් සංවිධාන තුන පමණක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. පාස්කු ප්‍රහරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඔහු අද මේ බව කියාසිටියා.

ජාතික තවුහිද් ජමාද්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්, විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරන බව රාජ්‍ය බුද්ධි අංශය දන්වා තිබෙනවා. සමස්ත ලංකා තවුහිද් ජමාද්, ශ්‍රී ලංකා තවුහිද් ජමාද් හා සිලෝන් තවුහිද් ජමාද් යන සංවිධාන තුන මුස්ලිම් අන්තවාදී අදහස් දරන බවට යුද හමුදා බුද්ධි අංශ හෙළිකර ගත්තා. පාස්කු ප්‍රහාරයෙන් පසුව පත් වූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සමග සාකච්ඡා කර මෙම සංවිධාන තහනම් සංවිධාන ලෙස නම් කළ යුතු බව දන්වා එවකට ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යැවූ බව සාක්‍ෂිකරු ප්‍රකාශ කළා.

සහරාන් හෂීම්ගේ අන්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වල දී හා බුද්ධි සමාලෝචන රැස්වීම්වල දී සාකච්ඡා කෙරුණ ද පොලීසිය හා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ බවයි සිසිර මෙන්ඩිස් මහතා කියාසිටියේ. 2016 වසරේ පටන් සහරාන් හෂීම් සම්බන්ධ තොරතුරු ලැබී ඇති බවත් ඔහු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරන බව දැන සිටි බවත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා.

The post මුස්ලිම් අන්තවාදී සංවිධාන 6 ක්; තහනම් කළේ 3ක් පමණයි – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG