Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 6 කට පසු ටජ්මහල් ප්‍රාසාදය සංචාරකයින් සඳහා යළි විවෘත කෙරේ  

Add comments

මාස හයක කාලයකට පසු ඉන්දියාවේ ටජ්මහල් ප්‍රාසාදය සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට බලධාරීන් අද පියවර ගත්තා.

දීර්ඝතම කාලයක් ටජ් මහල් ප්‍රාසාදය වසා තැබුණු කාලය මෙයයි. සංචාරකයින් සඳහා අද උදෑසන එය විවෘත කිරීමට පෙර සම්පූර්ණ භූමියම විෂබීජහරණයට ලක්කරන අයුරු එරට මාධ්‍ය වාර්තා කළා. එහි සියලු සේවකයින් මුහුණු ආවරණ හා අත්වැසුම් පැළදීම අනිවාර්ය බවයි වාර්තා වන්නේ. පරිශ්‍රයට ඇතුල්වන සංචාරකයින්ගේ ද ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම අනිවාර්ය වන අතර ඇතුල්වීමේ අවසර පත් මිලදී ගැනීමට සිදුවන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහායි. වෛරස ව්‍යාප්තියට පෙර දිනකට සංචාරකයින් හැත්තෑ දහසක් පමණ ටජ්මහල වෙත පැමිණි අතර අද දින සිට එහි සංචාරය කිරීමට දිනකට අවසර හිමිවන්නේ පන්දහසකට පමණයි.

 

 

 

The post මාස 6 කට පසු ටජ්මහල් ප්‍රාසාදය සංචාරකයින් සඳහා යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG