Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලරූස්හි විරෝධතා උත්සන්න වෙයි  

Add comments

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතා උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අඛණ්ඩව සති හයක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂණ සදහා අද දිනයේදී  ලක්ෂයක පමණ පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වනවා. උද්ඝෝෂණ සදහා සහභාගී වූ විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට ද එරට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන් ලුකෂෙන්කෝ නැවතවරක් ජනාධිපති ධුරය සදහා තේරී පත්වූ අතර මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව පවසමිනුයි විපක්ෂය උද්ඝෝෂණ ආරම්භ කළේ. වසර 26ක් පුරා බෙලරූස් රාජ්‍යයේ ජනාධිපතිධුරය හොබවන ලුකෂෙන්කෝ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකු ලෙසයි සැලකෙන්නේ. රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා ජනාධිපති පුටින්ගේ සහාය ද ලුකෂෙන්කෝ හට නොමදව ලැබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

The post බෙලරූස්හි විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG