ජෝර්දානයේ වෛරස ව්‍යාප්තිය වේගවත්වීම හේතුවෙන් පල්ලි, ආපනශාලා, වීථි වෙළෙඳසැල් සහ පාසල් ද සති දෙකක කාලයක් වසා තබන බව බලධාරීන් නිවේදනය කළා. මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව ජෝර්දාන් රජය ප්‍රකාශ කළා. මේ අතර රට තුළ නැවතත් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සති 3 ක කාලයක් රට වසා දැමිමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.
The post ජෝර්දානයේ පල්ලි, ආපනශාලා, වීථි වෙළෙඳසැල් සහ පාසල් ද සති දෙකකට වසා දැමේ appeared first on ITN News.
Post a Comment