චීනයේ රුයිලි නගරයේ දී කෝවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන් දෙදෙනෙකු සොයා ගැනීමත් සමග එම ගම්මානය අගුළු දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චීනයට ඇතුළු වී ඇති පුද්ගලයින් දෙදෙනෙක් හේතුවෙන් චීනයේ රුයිලි නගරයේ වෛරස් ව්‍යාප්තිය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වනවා. මෙම පුද්ගලයින් දෙදෙනා සමග සමීප සබදතා පැවැත් වූ එකසිය නව දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. රට තුළ වෛරසය පාලනය කළද අසල්වැසි රාජ්‍යයන්හි වෛරසය වේගයෙන් පැතිරෙන විට වැඩි අවදානයක් හා ආරක්ෂිත පියවර පිළිබඳ කල්තියා සුදානම්ව සිටීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
The post චීනයේ රුයිලි නගරය වසා දැමේ appeared first on ITN News.
Post a Comment