පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් සැකකරුවන් 432 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 185 දෙනෙකු ඒ අතර වනවා.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැටලීම ක්‍රියාත්මකයි. ඒ අනුව කළ වැටලීම්වලදී ගංජා ලඟ තබා ගත් සැකකරුවන් 114 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කළ 101 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.
The post බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 432 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment