ඇමෙරිකාවේ ලැව්ගිනි පැතිරීමට හේතුව කාලගුණික විපර්යාස නොව දුර්වල කළමනාකරණය බව ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක යෙදෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කැලිෆෝනියාවේ පමණක් නොව ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවල හෙක්ටයාර මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැවිගිනිවලින් විනාශයට පත්ව තිබෙනවා. අගෝස්තු මස සිට මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කළේ ප්‍රදේශයේ කාලගුණය දැන් සිසිල්වෙමින් පවතින අතර සැබවින්ම ඒ පිලිබද දැනගැනීම විද්‍යාත්මකව කළ නොහැකි බවයි. ජනාධිපතිවරයාගේ මෙවැනි අදහස් දැක්වීම් සියලු දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
The post ඇමෙරිකාවේ ලැව්ගිනි පැතිරීමට හේතුව දුර්වල කළමනාකරණය බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment