අත්ලන්තික් සාගර කලාපය තුළ එකවර නිවර්ථන සුළි කුණාටු 05 ක් හටගෙන තිබෙනවා.
1971 වසරෙන් පසු සුළි කුනාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ මෙලෙස හටගත් දෙවන අවස්ථාව මෙය වනවා. සැලී ,ටෙඩී ,විකී ,රෙනේ සහ පුලට් ලෙස හඳුන්වන සුළි කුණාටු බර්මුඩා ත්‍රිකෝණ කලාපය ආසන්නයේ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට සහ දූපත්වලට බලපෑම් ඇති කරනු ඇති බවයි කලාපීය කාලගුණික අංශ අනතුරු අඟවන්නේ. සුළිකුණාටුවේ අවධානම හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ,ඇලබාමා සහ මිසිසිපි ප්‍රාන්තවලට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
The post අත්ලන්තික් සාගර කලාපය තුළ එකවර නිවර්ථන සුළි කුණාටු 05ක් appeared first on ITN News.
Post a Comment