Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත රජුට විරෝධතාකරුවන් අභියෝග කරයි  

Add comments

තායිලන්තයේ රාජාණ්ඩු නීතිය සංශෝධනය කළ යුතු බව පවසමින් සති අන්තයේ පවත්නා උද්ඝෝෂණයන් හි මෙම සතියේ ජයග්‍රහණය තමාට අයත් බව විරෝධතාකරුවන් පවසනවා.

රාජාණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද දහස් ගණන් පිරිස් එක්රැස්ව අඛණ්ඩ විරෝධතාවල නිරත වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. තායිලන්ත රජු මහා වජිරලෝන්කෝන්ට තමන් ප්‍රසිද්ධියේ අභියෝග කරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. රජු හා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව උද්ඝෝෂකයන් සදහන් කරනවා. පසුගිය මාස දෙකක පමණ කාලයක සිට එරට රජුට හා රජයට විරුද්ධව තායිලන්තයේ උද්ඝෝෂණ පැවැත්වෙන අතර මහා වජිරලෝන්කෝන් රජු වැඩි කාලයක් යුරෝපයේ ගත කරන බැවින් මෙම ගැටලු පිළිබඳ අවධානයක් යොමු නොකරන බවයි වාර්තා වන්නේ.

 

 

The post තායිලන්ත රජුට විරෝධතාකරුවන් අභියෝග කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG