එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පුද්ගලයෙකු නම් නොකිරීම යන ගැටලු එම පක්ෂයේ අභ්‍යන්තර අරගල වැඩිවීමට හේතුවී තිබෙනවා.
අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී නායකත්ව අර්බුදය හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සමබන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා අවසන් වූයේ විසදුමකින් තොරවයි. පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාම දැරිය යුතු බවට පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ප්‍රකාශකර තිබුණ ද තවත් පිරිසකගේ මතය වී ඇත්තතේ පක්ෂයට නව තරුණ නායකත්වයක් අවශ්‍ය බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා රැස්වූ අවස්ථාවේ රහස් ඡන්දයකින් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා තෝරාගනු ලැබුවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්නේ නම් පක්ෂ නායකත්වය භාරගැනීමට තමන් සූදානම් බවයි රුවන් විජයවර්ධන මහතා පවසන්නේ. මේ අතර සමගි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.
එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවූ අතර මේ දක්වා ඊට පුද්ගලයෙකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කර නොතිබීම පාක්ෂිකයින්ගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
The post නායකත්වයත් එකම මන්ත්‍රීකමත් නම් කර ගන්න බැරුව දඟලන එජාපය appeared first on ITN News.
Post a Comment