හෙට දිනයේ ඖෂධ පැළයක් තම ගෙවත්තේ හෝ කාර්යාල පරිශ්‍රයේ සිටුවා ආයුර්වේද නිෂ්පාදන ආනයනය සඳහා වැය වන මුදල් ඉතිරි කර ගැනීමට දායක වන ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
සුව ධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්‍ෂණ ව්‍යාපෘතිය හෙට ආරම්භ කෙරෙනවා. ඒ අනුව සෑම අයෙකුටම තම ගෙවත්තේ හෝ කාර්යාල පරිශ්‍රයේ ඖෂධ පැළයක් සිටුවමින් මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ විය හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
The post සුව ධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්‍ෂණ ව්‍යාපෘතිය හෙට ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment