Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටට අවශ්‍ය ඖෂධ රටතුළම නිෂ්පාදනය කර ගැනීමට නව ඖෂධ නිෂ්පාදනාගාරයක්  

Add comments

රටට අවශ්‍ය ඖෂධ රටතුළම නිෂ්පාදනය කර ගැනීම සඳහා නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ගොඩනැගීමට ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා  පවසනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිෂ්පාදන කළ ගැබාපෙන්ටින් මිලිග්‍රෑම් තුන්සීය නැමැති  ඖෂධය වෙළදපොලට නිකුත් කිරීමේ අවස්ථාවට ඒක්වෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා  මේ බව කියා සිටියා. මෙම ඖෂධය ආනයනය කිරීමේදී වාර්ෂිකව විශාල මුදලක් විදේශයන්ට ඇදී යනවා. එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් සියයට  20 ක් පමණ මේ වන විට දේශීයව නිෂ්පාදනය කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව මෙය සියයට 60 ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

The post රටට අවශ්‍ය ඖෂධ රටතුළම නිෂ්පාදනය කර ගැනීමට නව ඖෂධ නිෂ්පාදනාගාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG