ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබද සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියා කලාපය පිළිබද විවිධ පාර්ශ්වලින් පැමිණිලි ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලැබී තිබෙනවා. ඉන් ප්‍රධාන වශයෙන් ඉල්ලීම් කර ඇත්තේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇති බලපෑම මගහරවා එම සභාවට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි. මෙහිදී ප්‍රධාන කරුණු 5 ක් කෙරෙහි අවධානය යොමුකළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම, පුරප්පාඩු සදහා වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීමට පවත්වන නිලවරණය දිගින් දිගටම කල්දැමීම, අවම අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම, විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ උපාධිය ලියාපදිංචි කිරීම සදහා පවත්වන ඊ ආර් පී එම් විභාගය කල්දැමීම, වෛද්‍ය සභාවේ විෂය පරිපතයට හා පවතින නීතිවලට පරිබාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විභාග කිරීම එම කරුණු පහයි.
මේ පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදීමට පත්කළ පංචපුද්ගල කමිටුවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්න විජේසිංහ, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන යන මහත්ම මහත්මීන් ඇතුළත්.
The post වෛද්‍ය සභාව ගැන හොයා බලන්න පංච පුද්ගල කමිටුවක් appeared first on ITN News.
Post a Comment