දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමේදී තාක්‍ෂණය පදනම් කරගත් විද්‍යාත්මක දියුණුවත් සමග අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි පසුබිමක් නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ලංකාගම පාසලට ස්මාර්ට් පංති කාමරයක් ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයේදී සූම් තාක්‍ෂණය ඔස්සේ උත්සව සභාව අමතමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
තාක්‍ෂණය සමග උරෙන් උර ගැටෙමින් නව ලෝකය දරුවන්ට උරුම කරදීම වැඩිහිටියන්ගේ වගකීමක් බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සදහන් කළා. ජනාධිපතිතුමා ලංකාගම ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී යොමු වූ ඉල්ලීමකට අනුව එම පාසලේ තාක්‍ෂණික පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා මොබිටෙල් ආයතනය මෙම වැඩපිළිවෙළ සදහා දායකත්වය ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලලිත් සෙනෙවිරත්න මහතා ද එක්වුණා.
The post ලංකාගම පාසලට ස්මාර්ට් පංති කාමරයක් appeared first on ITN News.
Post a Comment