Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවීට සහ ඇලෝසියස්ට එරෙහිව අධිචෝදනා  

Add comments

හිටපු මුදල් ඇමති රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මහධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

2016 වසරේ මුදල් ඇමතිවරයා ව සිටියදී අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන පෞද්ගලික සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ පහ පී එච් 2 දරණ නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතට අනුව වරදක් සිදුකර ඇති බවට රවී කරුණානායක මහතාට අධි චෝදනා එල්ල වී තිබෙනවා. එම නිවස සඳහා විත්තිකාර අර්ජුන ඇලෝසියස් අධ්‍යක්ෂ ධූරය දරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන එකොලහයි දශම හයයි අටක් ගෙවා ඇති බව එම චෝදනාවල සඳහන්. ඊට  ආධාර අනුබල දීම අර්ජුන් ඇලෝසියස්ට ඇති චෝදනාවයි. මොවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති සමස්ත අධි චෝදනා සංඛ්‍යාව හයක්. මේ අතර මහ බංකු බැදුම්කර සිද්ධියට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විභාගය දෙසැම්බර් දහඅටවනදා සිදුකරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පැවසුවේ නීතිපතිවරයා පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනුකර ඇති බවයි. ප්‍රති විරෝධතා ඇත්නම් සති දෙකක් තුළ ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට ද දැනුම් දෙනු ලැබුවා.

 

 

The post රවීට සහ ඇලෝසියස්ට එරෙහිව අධිචෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG