Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුර කුමාර ජනපති කොමිසම හමුවට  

Add comments

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ඩී එස් ජයවීර මහතා කළ පැමිණිල්ලකට අනුවයි.

අනුර කුමාර දිසානායක මහතා සංචාරක සංවර්ධන අධිකාරිය ක‍්‍රියාත්මක කළ දේශීය සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ චේතනාවෙන් අසත්‍ය චෝදනා ගොනුකර නඩු පැවරූ බවටයි ජයවීර මහතා කොමිසම හමුවේ පැමිණිලි කර ඇත්තේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා ද කොමිසම හමුවට අද පැමිණියා.
මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන 28 වනදා පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණා. එ් නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සුඵ නිලධාරී ගාමිණී සෙනෙවිරත්න හා ප‍්‍රධාන සුඵ නිලධාරී කේ පී චමින්ද යන මහත්වරුන් කළ පැමිණිල්ලකට අනුවයි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද්වේශ සහගතව තමන්ට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇති බවටයි ඔවුන් පැමිණිලි කර ඇත්තේ.

The post අනුර කුමාර ජනපති කොමිසම හමුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG