පෙර දැනුම් දීමක් කර තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමේ වරදකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම් සභාවේ පස්වන දිනටත් සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
බුද්ධි තොරතුරු විධිමත්ව ඉදිරිපත් නොකිරීම සහ ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් නිසි ලෙස දැනුවත් නොවීමද හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට එල්ලවන බවයි ඒ මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පෙන්වා දුන්නේ.
සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ සහරාන් හෂීම් සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදය පතුරුවා හැරි බවට රාජ්‍ය බුද්ධි සේවය ඔබට වාර්තා කර තිබුණා ද ?
හේමසිරි පිළිතුර – සහරාන් හෂීම් සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදය පතුරන බව රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු වාර්තා කර තිබුණා. හැබැයි ඒවා විශ්ලේෂණාත්මකව සකස් කරලා තිබුණේ නැහැ. නිවැරදිව විශ්ලේෂණාත්මකව තොරතුරු සකස් කරලා නැත්නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට ක‍්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි ලේකම්වරයෙක් විදියට මන් මගේ වගකීම හරියටම ඉටු කළා.
ප‍්‍රශ්නය – ඒක ඔබතුමන් කියන දේනේ. නමුත් පෙරහැර හොදටම පේන්නේ පෙරහැරේ යන අයට නෙවෙයි බලාගෙන ඉන්න අයට
පිළිතුර – ස්වාමීනි මා මේ ප‍්‍රහාරයට වග කියන්න ඕන කියලා කොමිසම පූර්ව නිගමනයකට ඇවිල්ලද මගෙන් මේ සාක්ෂි විමසන්නේ. මටනම් හැගෙන්නේ ඒ විදියට හැබැයි මන් අනිත් සාක්ෂි විමසීම් බලන් හිටියා ඒවයේ එහෙම තිබුණේ නෑ.
එම ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ කොමිසම කිසිදු සාක්ෂිකරුවෙකු සම්බන්ධයෙන් එවැනි නිගමනයන්ට පැමිණ නැති බවයි. ඔබවෙනුවෙන් නීතිඥ නියෝජනයකට සහ හරස් ප‍්‍රශ්න විසදීමකට අවස්ථාව ලබා දී තිබෙන්නේත් එම නිසා බව සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළා.
ප‍්‍රශ්නය – ජනාධිපති කොමිසමේ සාමාජිකයෙක් – ඔබ කියන ආකාරයට ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගේද?
පිළිතුර – විධිමත් බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකිරීම හා ඒ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් දැනුවත් නොවීම නිසා ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මේ සිද්ධියේ වරද බාර ගතයුතුයි ස්වාමීනි.
කාන්තා ප‍්‍රශ්නය – එතකොට අපේ‍්‍රල් 21 හෝ ඊට පෙර ප‍්‍රහාරයක් එල්ලවිය හැකිබව අපේ‍්‍රල් 20 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබව දැනුවත් කළාද ?
පිළිතුර – ඔව් මට වට්ස්ඇප් පණිවිඩයක් යොමුකර තිබුණා. මගේ වයසේ හැටියට වට්ස්ඇප්, පේස්බුක් වගේ දේවල්වල පණිවිඩ කියවන්න මට බැහැ. ඒ පණිවිඩය ඔය තරම් වැදගත් කියලා සැලකුවානම් නිලන්තට තිබුණා පණිවිඩකාරයෙක් මාර්ගයෙන් ඒ ගැන මට කියන්න. මොකද නිලන්තගෙයි මගෙයි ගෙවල් දෙක අතර තියෙන්නේ කිලෝමීටර් 2 ක විතර දුරක්.
ආරක්ෂක ලේකම් විදියට මන් මගේ වැඬේ කළා පොලිස්පතිවරයා ඔහුගේ වැඩේ කළා. මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් බෝම්බේ බැඳ ගත්තාට පස්සේ ඒක පුපුරවන එක නවත්තන එක අමාරු වැඩක්. ඇත්තටම සහරාන්ව අල්ලන්න තිබ්බේ අවුරුද්දකට විතර කලින් ත‍්‍රස්තවිමර්ශන ඒකකය සහරාන් පස්සේ ගියා නමුත් ඒක නැවැත්තුවා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බැහැ. ඔහුට කෙලින්ම උපදෙස් දෙන්නේ ජනාධිපතිවරයා. ඇත්තටම ජනාධිපතිවරයයි නිලන්තයි අතරයි තිබ්බේ පිය පුතු සම්බන්ධතාවයකට එහා ගිය බැඳීමක්.
The post සහරාන්ගේ බෝම්බවලට මෛත්‍රීගේ පුතෙක් වගේ හිටපු නිලන්ත වගකිව යුතුයි – හේමසිරි appeared first on ITN News.
Post a Comment