පරිසරය සුරැකීමට තමා ගන්නා පියවර සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතු බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ සදහන් කරනවා.
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය තුළ ලැව්ගිනි රැසක් හටගෙන ඇති පසුබිමකයි ඔහු මේ බව සදහන් කරන්නේ. පරිසරය සුරැකීමට ලොව වැඩිම දායකත්වයක් දක්වා ඇති රට ලෙසද ඔහු බ්‍රසීලය හදුන්වනවා. පසුගිය වසරේ සිට බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ අක්කර දහස් ගණනක් ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත්වුණා.
පසුගිය වසරේ ජුලි මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වා එරට වන විනාශය සියයට 35කින් ඉහළ ගොස් ඇති බවටයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
ලොව විශාලතම තෙත් බිම වන පෙන්ටනල් තෙත් බිමේ වර්ග කිලෝමීටර විසිහතර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් ද ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. පරිසරය සුරැකීම පසෙකලා බ්‍රසීල ජනාධිපතිවරයා කවටයෙකුගේ භූමිකාව රගදක්වමින් සිටින බවයි විදෙස් විශ්ලේෂකයින් සදහන් කරන්නේ.
The post පරිසරය සුරැකීමට මා ගන්නා පියවර සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතුයි – බ්‍රසීල ජනපති appeared first on ITN News.
Post a Comment