Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මංතීරුවේ කොළඹ නීතිය පිට පළාත්වලටත් ගෙනියන්න පොලීසිය සූදානමින්  

Add comments

කොළඹ හා තදාසන්න මාර්ග 4 ක මංතීරු නීතිය මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

ඉදිරියේදී පිට පළාත්වල කාර්යබහුල නගරවලට ද මෙම මංතීරු නීතිය හඳුන්වා දීමට නියමිතයි.

ජනතාව ස්වයං අවබෝධයකින් යුතුව මංතීරු නීතිය පිළිපදින තත්ත්වයට පැමිණ ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණයට අද පැමිණි අවස්ථාවේදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. නීති කඩකරන්නන් වීඩියෝගත කර ඔවුන් කැඳවා තමන්කළ වැරැද්ද සියැසින්ම දැකබලා ගැනීමේ අවස්ථාව සලසා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. එසේ වැරදි කරන අයට එරෙහිව දඩ මුදල් අය කිරීමට සහ නඩු පැවරීමට ද කටයුතු කෙරෙනවා.

වාහන තදබදය නිසා ගුවන්පාලම්වල යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ නුගේගොඩ රාජගිරිය සහ දෙහිවල යන ගුවන්පාලම්වලයි. එහෙත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම සහ කැළණිය ගුවන්පාලම මතින් යතුපැදිවලට සහ ත්‍රිරෝද රථවලට ගමන් කළ හැකියි.

පෙරවරු හයේ සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් කොළඹ හා තදාසන්න මාර්ග 4 ක මංතීරු නීතිය පසුගියදා 14 වනදා සිට ක්‍රියාත්මක කෙරුණා. මංතිරු නීතිය කඩ කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පොලීසිය ක්‍රියාත්මක කළා. මහමග විනය ආරක්‍ෂා කරමින් රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනුයි රජය මෙම වැඩපිළිවෙළ හඳුන්වාදෙනු ලැබුවේ.

The post මංතීරුවේ කොළඹ නීතිය පිට පළාත්වලටත් ගෙනියන්න පොලීසිය සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG