කියුබානු රජයේ ශ්‍රී ලංකා තනාපතිනිය වන ජුවානා එලේනා රමෝස් රොඩ්රිගස් මහත්මිය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
එම අවස්ථාවේදී ද්වීපාර්ශික සම්බන්ධතා පිළිබඳව සහ ජල සම්පාදනයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ අතර කියුබානු වෛද්‍ය අංශ මගින් කොවිඩ් 19 වසංගතයට එරෙහි අත්හදා බලනු ලබන එන්නතක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා කියුබානු සෞඛ්‍ය වෛද්‍ය අංශ එන්නතක් වර්ධනය කරගෙන ඇති බවත් දැනට එම එන්නත පරීක්ෂණ මට්ටමේ පවතින බැවින්, සාමාන්‍ය පුද්ගලයින් සහ රෝගීන් ඛාණ්ඩ වශයෙන් වෙන වෙනම ගෙන මේ එන්නත ඔවුන්ට ලබාදෙමින්, ප්‍රතිචාර දක්වන ආකාරය ගැන පරීක්ෂණ සිදුකරන බව තානාධිපතිතුමිය ප්‍රකාශ කොට සිටියා .
කියුබානු සෞඛ්‍ය අංශ විද්‍යාවෙන් ලෝකේ ඉතා ඉහළ තැනක සිටින නිසාවෙන් මේ එන්නත සාර්ථක වේ යැයි මා විශ්වාස කරනවා .මෙවැනි නිපදවීමක් අපි බලාපොරොත්තුවෙන් හිටියා .එය සිදුවෙමින් පැවතීම අපි කාටත් සතුටට කාරණාවක් යැයි පැවසීය.
The post කියුබානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇමති වාසුදේව නානායක්කාර හමුවෙයි appeared first on ITN News.
Post a Comment